පලස්තීන සරණාගත වෙනුවෙන් මිලියන 5 ක්



පලස්තීන වැසියන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් පිහිටුවා ඇති ‘එක්සත් ජාතීන්ගේ පලස්තීන සරණාගත ඒජන්සියට’ ඉන්දියාව ඇමෙරිකන් ඩොලර් මිලියන පහක මුදලක් පරිත්‍යාග කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඇමෙරිකන් ඩොලර් මිලියන පහක එම මුදල සහිත චෙක්පත, එක්සත් ජාතීන්ගේ එක්සත් ජාතීන්ගේ සහන සේවා ඒජන්සියයේ නියෝජිතයන්ට බාර දීම සිදුවූයේ පලස්තීන සරණාගතයන් වෙනුවෙන් ඉන්දියාව පත් කළ විශේෂ නියෝජිත සුනිල් කුමාර් අතිනි.

චෙක්පත ප්‍රදානය කිරීම සිදුවී ඇත්තේ ජෙරුසලමේ පිහිටි එක්සත් ජාතීන්ගේ සහන සේවා ඒජන්සි මූලස්ථාන කාර්යාලයේදී යැයි ද පැවැසෙයි.

පලස්තීන වැසියන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීමෙහිලා ඉන්දියාව මීට පෙර වාර්ෂිකව ලබා දුන්නේ ඇමෙරිකන් ඩොලර් මිලියන 1.25 ක මුදලකි. එය ඇමෙරිකන් ඩොලර් මිලියන 5 ක් දක්වා වැඩි කිරීමට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි තීරණය කළේ 2018 පෙබරවාරියේ පලස්තීනයේ රාමල්ලා නුවර කළ සංචාරයෙන් පසුවය රාමල්ලා පැමිණි පළමු ඉන්දීය අගමැති ලෙස මෝදි ඉතිහාසයට එක් විය. පලස්තීන පාලන අධිකාරිය සමඟ පමණක් නොව, ඉන්දියාව ඊශ්‍රායලය සමඟ ද යහපත් සබඳතා පවත්වයි.

ජෙරුසලමේදීය (එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS