පලස්තීන විද්‍යාඥයාට ඊශ්‍රායලයෙන් සිර දඬුවම්
පලස්තීන ජාතික තාරකා භෞතික විද්‍යාඥයකු මාස හතක සිර දඬුවමක් පැනැවීමට ඊශ්‍රායල අධිකරණයක් තීන්දු කළේය.
සිර දඬුවම පැනැවූයේ මහාචාර්ය ඉමාද් බාර්ග්හූතී ටය. අන්තර් ජාලය ඔස්සේ ඊශ්‍රායල විරෝධී අදහස් පළ කළ බවට මොහුට චෝදනා එල්ල වී ඇති අතර, ඔෆර් හමුදා අධිකරණය හමුවේ මහාචාර්යවරයා වරදකරු වී ඇත.
54 හැවිරිදි ඉමාද් බාර්ග්හූතී බටහිර ඉවුරේ අබු දිස් නුවර අල් කුඞ්ස් විශ්ව විද්‍යාලයේ කීර්තිමත් මහාචාර්යවරයකු බව ද පැවැසෙයි. ඊශ්‍රායල ආරක්ෂක අංශ මොහු අල්ලා ගෙන ඇත්තේ පසුගිය අප්‍රේල් 24 වැනිදාය.