පලස්තීන මන්ත්‍රීවරියක ඊශ්‍රායල අත්අඩංගුවේ



පලස්තීන විමුක්ති පෙරමුණේ ප්‍රබල සාමාජිකාවක මෙන්ම, පලස්තීන පාර්ලිමේන්තු සාමාජිකාවක ද වන 55 හැවිරිදි කලීඩා ජරාර් ඊශ්‍රායල ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි මැදපෙරදිග පුවත් සේවා වාර්තා කරයි.

කලීඩා ජරාර් මානව ක්‍රියාකාරිණියක ද වෙයි. ඊයේ (2) උදෑසන බටහිර ඉවුරේ රාමල්ලා නුවරදී ඇය ගමන් කළ කාරය නවත්වා ඊශ්‍රායල සොල්දාදුවන් විසින් ඇය අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.

කලීඩා ජරාර් මෙසේ අත්අඩංගුවට ගැනීම පලස්තීන පාලන අධිකාරයේ දැඩි විරෝධයට හේතුවක් වී ඇති බව ද පැවැසෙයි.

පලස්තීන පාර්ලිමේන්තු සාමාජිකයන්ට ඇති වරප්‍රසාද උල්ලංගනය කරමින් කලීඩා ජරාර් අත්අඩංගුවට ගැනීමට ඊශ්‍රායල පොලිසිය කටයුතු කිරීම ජාත්‍යන්තර නීති කැඩීමක් බව පලස්තීන පාලන අධිකාරිය චෝදනා කර ඇත.

(ප්‍රෙස් ටීවී)

 


RECOMMEND POSTS