පලස්තීන පාලන අධිකාරියට මසකට මිලියනයක්



ඊශ්‍රායලයෙන් එල්ල කෙණෙහිලිකම් හමුවේ, පලස්තීන පාලන අධිකාරියට සහාය පළ කිරීමක් ලෙස, මාසයකට ඇමෙරිකන් ඩොලර් මිලියන 100 ක මුදලක් ලබා දීමට අරාබි ලීගය තීරණය කර ඇත.

අරාබි ලීගයේ මහ සමුළුව පසුගිය දා ඊජිප්තුවේ කයිරෝ අගනුවරදී පැවැත්විණි. පලස්තීන පාලන අධිකාරිය වෙනුවෙන් ඩොලර් මිලියනයක ආධාර ලබා දීමට තීරණය කළේ එහිදීය.

පලස්තීන පාලන අධිකාරියෙන් ඊශ්‍රායලය ඇමෙරිකන් ඩොලර් මිලියන 138 ක මුදලක් බදු වශයෙන් අය කර ගන්නා බව ද පැවැසෙයි.
අරාබි ලීගය වැඩි දුරටත් පවසා ඇත්තේ, තමන් මෙම මුදල පලස්තීන පාලන අධිකාරියට ලබා දෙන්නේ ඊශ්‍රායලයේ කෙණෙහිලිකම්වලට ලක්වන පවුල්වල සාමාජිකයන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් යැයි ද පැවැසෙයි.

කයිරෝහිදීය (අල් ජසීරා)


RECOMMEND POSTS