පලස්තීන නව රජය දිවුරුම් දෙයි



පලස්තීන ජනාධිපති මොහොමද් අබ්බාස්ගේ නායකත්වයෙන් පිහිටුවාගත් නව රජයේ දිවුරුම් දීම ඊයේ (13) සිදුවිය.

ජනාධිපති අබ්බාස් නව රජය පිහිටුවා ඇත්තේ ඔහුගේ ෆාටා පක්ෂයේ නියෝජිතයන් හවුල් කර ගනිමිනි. බටහිර ඉවුරේ බලය පවතින පලස්තීන පාලන අධිකාරියේ නායකයා ලෙස කටයුතු කරන්නේ ද අබ්බාස්ය.

දිවුරුම් දුන් නව රජයේ අගමැතිවරයා වන්නේ මොහොමද් ෂත්යේය. කෙසේ නමුත් ගාසා තීරයේ බලය අල්ලාගෙන සිටින හමාස් සංවිධානයෙන් මෙම නව රජයට විරෝධයක් එල්ල වී ඇති බව ද වාර්තා වේ. පලස්තීනුවන් ජීවත් වන්නේ ගාසා තීරයේ සහ බටහිර ඉවුරේය.

(අල් ජසීරා)


RECOMMEND POSTS