පලස්තීන දැරිය වෙඩි පහරින් මියයයි



ඊශ්‍රායල හමුදා එල්ල කළ වෙඩි ප්‍රහාරයකට හසුවුණු පලස්තීන දැරියක රෝහලට ගෙන යද්දී මියගිය බව ඉරානයේ ප්‍රෙස් ටීවී පුවත් සේවය වාර්තා කරයි.

මොවෝ ඩොන්ටන් පිවිසුමේ දී මෙම වෙඩි තැබීම සිදුවී ඇති බව වාර්තා වේ. ඊශ්‍රායල හමුදාව පවසන්නේ, තමන්ට පහරදීමට මෙම දැරිය උත්සාහ කළ හෙයින් වෙඩි තැබූ බවය.

ඇය 16 හැවිරිදි නවාෆ් ඉන්ෆියාත් යැයි පලස්තීන පාලන අධිකාරිය පවසා ඇත.

(ප්‍රෙස් ටීවී)


RECOMMEND POSTS