පලස්තීන දරුවෝ 300 ක් ඊශ්‍රයල හිරේ



2017 වර්ෂයේ මුල් මාස තුන ඇතුලතදී පලස්තීන දරුවන් 300කට වඩා වැඩි ප්‍රමාණයක් ඊශ්‍රායිල් හමුදා විසින් අත්අඩංගුවට ගෙන සිරකර තබා ඇති බව පලස්තීන සිරකරුවන් සදහා වු සමාජය පවසනවා. 

පලස්තීන දරුවන් අල්ලා ගැනීම සදහා ඊශ්‍රායිල් හමුදාවන් දියත් කරන ලද මෙහෙයුම් වලදී පලස්තීන ළමුන්ට සිදුකරන ලද පහරදීම් සහ අපයෝජනයනට අදාල ලේඛන ගත කරන ලද වාර්තාවක් සංඛයා දත්තයන් සහිතව මානව අයිතිවාසිකම් සදහා වු කණ්ඩායමක් විසින් එළිදක්වා ඇති බව ප්‍රෙස්ටීවි වෙබ් අඩවිය වාර්තා කලේය. 

පලස්තීන දරුවන් මුහුණදී සිටින අවාසනාවන්ත තත්ත්ව නැති කර දරුවන්ට නිදහසේ ජීවත්වීම සදහා කටයුතු කිරීමට එක්සත් ජාතීන්ගේ අන්තර්ජාතික ළමා හදිසි අරමුදල (UNICEF) සහ අනිකුත් අන්තර්ජාතක සංවිධාන මීට වඩා වැඩි අවධානයක් යොමු කල යුතු යැයි පලස්තීනුවන් වෙනුවෙන් පෙනී සිටින සංවිධානයක් පෙන්වා දෙනවා.

සමස්ථ ජනගහනයෙන් 45.8% වන දරුවන් රැකගැනීම සදහා සහය වන ලෙස පලස්තීන සංස්කෘතික අමාත්‍යාංශය අන්තර්ජාතික ප්‍රජාවගෙන් ඉල්ලීමක් කරනු ලබන අතර පලස්තීන දරුවන්ට වසර ගණනාවක සිට නිමාවක් නොමැතිව කරනු ලබන අපරාධයන් සදහා ඊශ්‍රායිලය නීතිය ඉදිරියට ගෙන ආයුතු බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කලේය. 


ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ප්‍රෙස්ටීවි පුවත් ඇසුරෙන්)


RECOMMEND POSTS