පලස්තීන තානාපති ආපසු කැඳවයි



ජෙරුසලම ඊශ්‍රායලයේ අගනුවර ලෙස පිළිගැනීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ගත් තීරණයට විරෝධය පළ කරමින්, වොෂින්ටනයේ පලස්තීන තානාපති හුසාම් සොම්ලොට් යළි ගෙන්වා ගැනීමට පලස්තීන පාලන අධිකාරිය කටයුතු කළේය.

ජෙරුසලම ඊශ්‍රායලයේ අගනුවර ලෙස පිළිගැනීමට ඇමෙරිකා ජනාධිපතිවරයා ගත් තීරණය තරයේ හෙළා දකින බවත් ඊට විරෝධය දැක්වීමක් ලෙස තම තානාපති යළි ගෙන්වා ගන්නා බවත් පලස්තීන විදේශ කටයුතු ඇමැති රියාද් අල් මලීක් කියයි.

ඒ අනුව, ඇමෙරිකාවත් පලස්තීනයත් අතර පැවැති රාජ්‍ය තාන්ත්‍රික සබඳතා තව තවත් අර්බුදයකට ලක් වනු ඇති බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

 (ඒ.එෆ්.පී.)

 


RECOMMEND POSTS