පලස්තීන ජනාධිපති මාසික සැසියට



ඊශ්‍රායල පලස්තීන අර්බුදය සම්බන්ධයෙන් පැවත්වෙන එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ මාසික සැසිවාරයට පලස්තීන ජනාධිපති මහ්මුද් අබ්බාස් සහභාගී වන බව වාර්තා වේ.

ඊශ්‍රායල පලස්තීන අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සාමන්‍යයෙන් සෑම මාසයකදීම එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය රැස්වන අතර ඊට දෙරටේ තානාපතිවරු ද සහභාගි වෙති.

පලස්තීන ජනාධිපතිවරයාගේ සහභාගීත්වය සම්බන්ධයෙන් ඊශ්‍රායලය තම කනස්සල්ල පළ කර ඇති අතර පලස්තීන ජනාධිපතිවරයාගේ සහභාගීත්වය ඉදිරියේදී පැවත්වීමට නියමිත සාම සාකච්ඡාවලට තිත තැබීමක් යැයි එක්සත් ජාතීන්ගේ ඊශ්‍රායල නිත්‍ය නියෝජිතයා පැවසීය.

අල්ජසීරා


RECOMMEND POSTS