පලස්තීන ජනාධිපති ඕමානයට



දෙදින නිල සංචාරයක් සඳහා පලස්තීන ජනාධිපති, මහමුද් අබ්බාස් ඕමානයට පැමිණි බව Al Watan පුවත්පත වාර්තා කළේය.

ඕමාන් අධිකරණ අමාත්‍ය, ෂයික් අබ්දුල්මලික්බින් අබ්දුල්ලා අල් කලීලි පලස්තීන ජනාධිපතිවරයාව ගුවන් තොටුපලේදී පිළිගනු ලැබීය.

ඕමාන් රාජ්‍ය අමාත්‍ය, මස්කට් ආණ්ඩුකාරවරයා, ඕමාන්නීති කටයුතු අමාත්‍ය, ඕමාන්විදේශ කටයුතු අමාත්‍යාංශයේ පරිපාලන හා මූල්‍ය කටයුතු පිළිබඳඋප ලේකම්, ඕමාන්විදේශ කටයුතු අමාත්‍යාංශයේරාජ්‍යතාන්ත්‍රිකකටයුතුසඳහාවැඩ බලනඋප ලේකම් සහ ඕමානයේ පලස්තීන තානාපතිපලස්තීන ජනාධිපතිවරයා පිළිගැනීමේ උත්සව අවස්ථාවට සහභාගි විය.

පලස්තීන නියෝජ්‍ය අගමැති, පලස්තීන විදේශ කටයුතු අමාත්‍ය, පලස්තීන දේශපාලන කටයුතු පිළිබද ජනාධිපති උපදේශක, ෂරියා නීති පිළිබද පලස්තීනශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු, පලස්තීන ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක, රාජ්‍යතාන්ත්‍රික ජනාධිපති උපදේශක සහ අනිකුත් නිළධාරීන් පලස්තීන ජනාධිපතිවරයා සමඟ ඕමාන් සංචාරයට එක්වී ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජී.ඩී.එන්. ඔන්ලයින් ඇසුරිනි)


RECOMMEND POSTS