පලස්තීන ජනපති අබ්බාස් හමාස් නායකයන් හමුවෙයි



 (ප්‍රෙස්ටීවී)
පලස්තීන ජනාධිපති මොහොමද් අබ්බාස් සහ ගාසා තීරයේ හමාස් සංවිධානයේ ජ්‍යෙෂ්ඨයන් දෙදෙනකු අතරේ සුවිශේෂී හමුවක් කටාර් රාජ්‍යයේ දෝහා අගනුවරදී පැවැත්විණි.
පලස්තීන ජනාධිපතිවරයා සහ හමාස් නායකයන් අතරේ පැවැත්වූ මෙම ‘හමුව’ ඉතා දුර්ලභ එකක් යැයි මැද පෙරදිග පුවත් සේවා වාර්තා කර තිබේ.
හමාස් යනු ගාසා තීරයේ පලස්තීනුවන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටින ඉස්ලාමීය සංවිධානයයි. මොවුන් දේශපාලනික සහ සන්නද්ධ යනුවෙන් අංශ දෙකින් සමන්විත වෙයි.
හමුවට පැමිණි එක් හමාස් ජ්‍යෙෂ්ඨයකු වූයේ හමාස් සංවිධානයේ දේශපාලන කටයුතු පිළිබඳ ප්‍රධානී කලීඞ් මෙෂාල්ය. අනෙක් සාමාජිකයා හමාස් නායක ඉස්මයිල් හෙනියේ ය.
මෙම හමුව පැවැත්වීම සම්බන්ධයෙන් මැදහත්කරුවකු ලෙස කටයුතු කළේ කටාර් රජයයි. කටාර් විදේශ ඇමැති මොහොමද් බින් අබ්දුල්රහාම් ද මෙම සාකච්ඡාවට සහභාගී වූයේය.

RECOMMEND POSTS