පලස්තීන කතුන් 65 ක් ඊශ්‍රායල හිරේ



ඊශ්‍රායල රෙජීමය කිසිදු චෝදනා ඉදිරිපත් කිරීමකින් තොරව පලස්තීන ජාතික කාන්තාවන් 65 දෙනකු රදවාගෙන සිටින බවට මානව හිමිකම් සුරැකීමේ සංවිධාන පෙන්වා දෙයි.

පලස්තීන සිරකරුවන්ගේ සංගමය සහ මානව හිමිකම් සුරැකීමේ සංවිධාන මේ බව පෙන්වා දුන්නේ ඊයේ (8) ට යෙදුණු ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීවය. මෙම කාන්තාවන් ඊශ්‍රායල බන්ධනාගාරවල ඉතා දුක සේ ජීවත් වන බව ද එම සංවිධාන පවසයි.

1967 වසරේ සිට මේ දක්වා ඊශ්‍රායල රජය විසින් පලස්තීන ජාතික කාන්තාවන් සහ දැරියන් 15,000 ක් බන්ධනාගාරගත කර ඇතැයි ද මානව හිමිකම් සංවිධාන පෙන්වා දෙයි.

(ප්‍රෙස් ටීවී)


RECOMMEND POSTS