පලස්තින ජනපතිගේ ප්‍රතිවාදියාට තෙවසරක සිර දඬුවමක්



 
පලස්තීන ජනපති මොහොමද් අබ්බාස්ගේ දේශපාලන ප්‍රතිවාදියකු වන මොහොමද් දහ්ලාන්ට වසර තුනක සිර දඬුවමක් නියම වී ඇත. 
ඔහුට මෙලෙස සිර දඬුවම් නියම වී ඇත්තේ දූෂණ චෝදනාවලට වරදකරුවකු වීම හේතුවෙනි. සිර දඬුවම්වලට අමතරව ඔහුට එක්සත් ජනපද ඩොලර් මිලියන 16ක දඩයක් ගෙවන ලෙස ද අධිකරණය නියෝග කර ඇතැයි වාර්තා වේ. 
දහ්ලාන් ඇතුළුව පලස්තීන පාර්ලමේන්තුවේ පස් දෙනකුට පාර්ලිමේන්තු වරප්‍රසාද යටතේ චෝදනාවලට නීතිමය පියවර ගැනීම අත්හිටුවා තිබූ අතර එම අත්හිටුවීම ඉවත් කිරීමට මොහොමද් අබ්බාස් කටයුතු කර දින දෙකකට පසුව මෙම තින්දුව දෙන ලදි. අනෙක් සිව්දෙනා දහ්ලාන්ගේ මිතුරන් යැයි පැවසේ. 
බටහිර සහයෝගය ලබන පලස්තීන ෆාටා පක්ෂය 2012 වසරේදී දහ්ලාන් පිටුවහල් කරන ලද අතර එතැන් පටන් ඔහු ජීවත් වූයේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේය. 
මොහොමද් අබ්බාස්ගේ මෙම ක්‍රියාව ෆාටා පක්ෂය තුළ ඔහුට හිතවත් පිරිසක් නිර්මාණය කර ගැනීම යැයි ද දහ්ලාන්ගේ හිතවාදීහූ පවසති. එපමණක් නොව දහ්ලාන් ඇතුළු පස් දෙනාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට ඉඩ දීමට හැකිවන අයුරින් මොහොමද් අබ්බාස් ගත් ක්‍රියාමාර්ගයට පලස්තීනයේ මානව හිමිකම් සංවිධාන රැසක් ද ඔවුන්ගේ අප්‍රසාදය පළ කර ඇත. 
දහ්ලාන් හා ඔහුගේ හිතවත් පාර්ශව 81 වන වියේ පසුවන මොහොමද් අහ්ලාන්ට බලයෙන් ඉවත් වන්නැයි බල කරති. දහ්ලාන්ට අරාබි රටවල් කිහිපයක සහාය හිමිවන බව ද පැවසේ. ඊශ්‍රායලය හා ඔවුන්ගේ මිත්‍ර පාර්ශව ද ඇතුළුව එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඊජිපත්තුව සහා ජෝර්දානය මොහොමද් අබ්බාස් ඉවත් කර පලස්තීන ජනපතිධුරයට දහ්ලාන් පත් කිරීමේ උත්සහයක් තිබෙන බව පසුගිය මැයි මාසයේදී වාර්තා විය. 
 
ප්‍රෙස් ටී.වි

RECOMMEND POSTS