පරීක්ෂණයකින් පිටුවහල් කරයි



කුවේට් රාජ්‍යයට ඇතුළුවු සියළුම දෙනා පරික්ෂණයක් සිදු කළ යුතු බවට කුවේට් රජය නියෝග කර ඇත.

අදාල පරීක්ෂයෙන් අසමත් වන සහ පරීක්ෂණයට සහභාගි නොවන විදේශිකයන් රටින් පිටුවහල් කිරීමට කටයුතු කරන බව අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශ්‍ය නිවේදනය කරයි.

2020 පෙබරවාරි 27 සිට කුවේටයට ඇතුළු වූ සියළුම දෙනාගේ ලැයිස්තුවක් ලබා ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය සමඟ සහයෝගයෙන් කටයුතු කරන අතර,සියළුම දෙනාගේ තොරතුරු දත්ත ගබඩාවකට(database) ඇතුලත් කිරීමට කටයුතු කරයි.

කුවේට් ජාතිකයන් හා විදේශිකයන් 235,000 ක් පමණ 2020 පෙබරවාරි 27 වෙනිදා සිට කුවේටයට ඇතුළු වී ඇති බවට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශ නිකුත් කළ සංඛ්‍යාලේඛනවල සඳහන් කර ඇති අතර, කුවේටයට ඇතුළු වූ සමස්ත සංඛ්‍යාවෙන් 70% ක් (165,000) විදේශිකයන් වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)

RECOMMEND POSTS