පරීක්ෂණ කණ්ඩායම සෞදියෙන් අවසර ලැබී නෑ



සෞදි මාධ්‍යවේදී ජමාල් කශොග්ජී ඝාතනය සම්බන්ධයෙන්, පරීක්ෂණ පවත්වන එක්සත් ජාතීන්ගේ විශේෂ පරීක්ෂණ කණ්ඩායමට එම පරීක්ෂණ කටයුතු සඳහා සෞදියෙන් අවසර ලැබී නැත.

ජමාල් කශොග්ජී ඝාතනයට ලක් වූයේ තුර්කියේ ඉස්තාන්බුල් නුවර, සෞදි කොන්සල් කාර්යාලයේදීය. ඒ පසුගිය ඔක්තෝබර් දෙවැනිදාය. ඝාතනය සිදු කළේ සෞදි ජාතිකයන් පිරිසකි. ඝාතනය සිදුවූයේ සෞදියේ ඔටුන්න හිමි සල්මාන් කුමරුන්ගේ උපදෙස් පරිදි යැයි චෝදනා එල්ල වී ඇත. කෙසේ නමුත් සල්මාන් කුමරුන් එම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කර තිබේ.

ජාත්‍යන්තර පරීක්ෂණය සිදු කරන්නේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සුරැකීමේ සංවිධානයයි. පරීක්ෂණ කණ්ඩායමට නායකත්වය දෙන්නේ ඇග්නස් කැලමාර්ද් ය.

ඇය ප්‍රමුණ අධිකරණ වෛද්‍ය කණ්ඩායමක් මේ වනවිට ඉස්තාන්බුල් නුවරට පැමිණ සිටින අතර ඔවුන් මේ වනවිට ජමාල් කශෝග්ජීගේ ඝාතනය සම්බන්ධයෙන්, ඉස්තාන්බුල් පොලිස් පරීක්ෂණ කණ්ඩායම්, අධිකරණ වෛද්‍ය කණ්ඩායම් සහ විනිසුරුවරුන් හමුවී සාකච්ඡා පවකත්වා ඇත.

ඉස්තාන්බුල් නුවර සෞදි කොන්සල් කාර්යාලයට ගොස් පරීක්ෂණ පැවැත්වීමට අවසර දෙන්නැයි සෞදි රජයෙන් ඇග්නස් කැලමාර්ද් ඇතුළු කණ්ඩායම අවසර ඉල්ලා ඇති නමුත් සෞදි රජයෙන් මෙතෙක් ඒ සඳහා අවසර හිමිවී නැති බව වාර්තා වේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේදීය (රොයිටර්ස්)

 


RECOMMEND POSTS