පරීක්ෂණ අවසන් වී නැහැ



තුර්කියේ ඉස්තාන්බුල් නුවර සෞදි කොන්සල් කාර්යාලයේදී ඝාතනයට ලක්වුණු සෞදි මාධ්‍යවේදී ජමාල් කශොග්ජී ඝාතන සිද්ධිය සම්බන්ධ පරීක්ෂණ කටයුතු තවමත් අවසන් වී නැතැයි ඇමෙරිකා රාජ්‍ය ලේකම් මයික් පොම්පේඕ පවසයි.

ජමාල් කශොග්ජී ඇමෙරිකන් පුරවැසියකු ද වෙයි. ඝාතනය සිදුවූයේ සෞදියේ ඔටුන්න හිමි සල්මාන් කුමරුන්ගේ අණ පරිදි යැයි චෝදනා එල්ල වී ඇත.

කශොග්ජී ඝාතන සිද්ධියේ පරීක්ෂණ අවසන් වීමෙන් පසු එම ඝාතනයට සම්බන්ධ සියලු දෙනාට දඬුවම් කිරීමට ඇමෙරිකාව පියවර ගන්නවා යැයි ඇමෙරිකා රාජ්‍ය ලේකම් මයික් පොම්පේඕ වැඩිදුරටත් අවධාරණය කර තිබේ.

(අල් ජසීරා)


RECOMMEND POSTS