පරීක්ෂණ 273,712 ක් සිදු කරලා



කුවේටයේ ආසාදිතයන් සංඛ්‍යාව 21,967 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

පසුගියදා ආසාදිතයන් 665ක් වාර්තා වීමෙන් පසු ආසාදිතයන්ගේ සංඛ්‍යාව 21,967 දක්වා ඉහළ ගොස් ඇත.

කොරෝනා ආසාදනය වීමෙන් පුද්ගලයන් 165 දෙනෙක් ජිවිතක්ෂයට පත් වී ඇත.

අලුතින් හඳුනාගත් පිරිසට කුවේට් ජාතිකයන් 148 ක්, ඉන්දියානු ජාතිකයන් 195 ක්, ඊජිප්තු ජාතිකයන් 96 ක් සහ බංගලාදේශ ජාතිකයන් 73 ක් ඇතුළත් වේ.

මේවනවිට කොරෝනා පරීක්ෂණ 273,712ක් සිදුකර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශ්‍ය පවසනවා.

ජානක ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)

RECOMMEND POSTS