පරිස්සම් වෙන්න: සෞදිය කියයි



කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා වෛද්‍ය උපදෙස් පිළිපදින ලෙස මැලේසියාවේ ජිවත්වන සහ සංචාරය කරන සෞදි ජාතිකයන්ට දැණුම් දී ඇත.

මැලේසියානු ජාතිකයන් හත්දෙනෙක්ට වෛරසයට ගොදුරු වීමෙන් පසු සෞදි ජාතිකයන්ට අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කිරීමට ක්වාලාලම්පූර්හි සෞදි තානාපති කාර්යාලය කටයුතු කර ඇත.

මැලේසියානු සෞඛ්‍ය අමාත්‍යාංශ්‍ය නිකුත් කරන උපදෙස් පිළිපදින ලෙසත්, නිරන්තරයෙන් යාවත්කාලීන තොරතුරු ලබාගැනීමට කටයුතු කරන ලෙස තානාපති කාර්යාලය සෞදි ජාතිකයන්ට උපදෙස් ලබා දී ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)

RECOMMEND POSTS