පනින්න හැදු පහක් අල්ලයි



ඕමාන් රාජ්‍යයට නීතිවිරෝධි ආකාරයෙන් ඇතුලුවීමට උත්සහ කළ පුද්ගලයින් පස් දෙනෙකු අත්අඩංගුවට ගැනීමට ඕමාන් වෙරළාරක්ෂක බළකාය සමත් වී ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය.

මුර සංචාරයන්වල නිරත වෙරළාරක්ෂකනිලධාරීන්ට සැක කටයුතු ආකාරයෙන් ඕමානයට අයත් මුහුදු සීමාවේ යාත්‍රා කරමින් තිබු බෝට්ටුවක් පරීක්ෂා කිරීමේදි නීතිවිරෝධිව ඕමානයට ඇතුලුවීමට උත්සහ කළ පුද්ගලයින් පස් දෙනෙකු හමු වී ඇති බව වාර්තා වේ.

නීතිවිරෝධි ආකාරයෙන් පුද්ගලයින් ප්‍රවාහනය කිරීම සඳහා භාවිතා කළ යාත්‍රාව අත්අඩංගුවට ගැනීම නිලධාරීන් කටයුතු කළ බවත් නීතිමය කටයුතු කරගෙන යෑම සඳහා අත්අඩංගුවට ගත් පුද්ගලයින් සහ යාත්‍රාව අදාල බලධාරීන්ට භාරදුන් බව වෙරළාරක්ෂක බළකායේ මාධ්‍ය ප්‍රකාශකවරයා මාධ්‍යට ප්‍රකාශ කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS