පදිංචිකරුවන් 59ක් අත්අඩංගුවට



කුවේටයේ නීතිවිරෝධී ආකාරයෙන් රැඳී සිටි පුද්ගලයින් 59 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

මෙම පිරිස සල්මි ස්ක්‍රපියාර්ඩි නගරයේ නේවාසික නීතිරීති උල්ලංඝනය කරමින් රැඳී සිටියදි අත්අඩංගුවට ගෙන ඇත.

කුවේටයට නීතිවිරෝධීව ඇතුළුවී සිටි පුද්ගලයෙකු ජ්ලීබ්-අල්-ෂූයෝවුක් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත.

මෙම පිරිසට විරුද්ධව නීතිමය පියවර ගැනීම සඳහා කුවේට් පොලීසිය අදාල බලධාරීන් වෙත යොමු කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online - කුවේට් නගරය)

RECOMMEND POSTS