පත්තෑයෙක් නිසා ගුවන් ගමන් පැය 1 ½ කින් ප්‍රමාදවෙයි !



ගුවන්යානයක සිටි මගියෙකුගේ අත ඔහුගේ කමීස සාක්කුවේ රැඳී සිටි පත්තෑයෙකු සපා කෑමේ සිද්ධියක් හේතුවෙන් පැය එකහමාරකට ආසන්න කාලයක් එම ගුවන්යානය ගුවන්ගත වීමට ප්‍රමාද වීමේ සිද්ධියක් ඕමානයේ මස්කට් ජාත්‍යන්තර ගුවන්තොටුපළින් වාර්තාවේ.

මෙලෙස ප්‍රමාදයට පත්ව ඇත්තේ මගීන් 197 දෙනෙකු රැගෙන මස්කට් නුවර  සිට ලන්ඩනය බලා පිටත්ව යාමට නියමිතව තිබූ ඕමාන් එයාර් ගුවන් සේවයට අයත් A 330 වර්ගෙය් ගුවන්යානයක සිටි මගියෙකුට මෙම අකරතැබ්බය සිදුවී ඇත.

අදාළ මගියා නැගෙනහිර ආසියාතික රටක සිට පැමිණි අතර ඔහු එහි සිට ලන්ඩන් නුවර බලා පිටත්ව යෑමට සඳහා එම ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබේ.මොහු අදාළ ගුවන් යානයේ අසුන් ගෙන සිටියදී එකවරම කෑගසා ඇති අතර පසුව ගුවන්යානයේ කාර්ය මණ්ඩලය සොයා බැලීමේදී ඔහුගේ කමීස සාක්කුවේ සිටි පත්තෑයකු විසින් මෙම සපා කෑම සිදු කර ඇත.

වහා යුහුසුළුවූ කාර්යමණ්ඩල ඔහුට වෛද්‍ය ප්‍රතිකාර ලබා දී ඇත.එම කටයුතු වල නිරතවීම හේතුවෙන් ලන්ඩනය බලා යෑමට නියමිතව තිබූ ගුමන පැය 1 ½ කින් ප්‍රමාද වී ඇත.

 

( තිළිණි ද සිල්වා )

ගල්ෆ් නිව්ස් ඇසුරෙනි....


RECOMMEND POSTS