පඩි නැතිව නිවාඩු ගන්න: එතිහාඩ්



එතිහාඩ් ගුවන් සමාගම වැටුප් නොමැතිව මාස 6ක නිවාඩු ලබාගන්නා ලෙස සේවකයන්ට දැණුම් දී ඇති බව වාර්තා වේ.

කොරෝනා වසංගතය හේතුවෙන් සිදු වී ඇති පාඩුව කළමනාකරණය කරගැනීම සඳහා සේවකයන්ට නිවාඩු ලබාදීමට ගුවන් සමාගම කටයුතු කර ඇත.

මෙම වසරේ මුල් භාගයේදී, ඇමරිකානු ඩොලර් මිලියන 758 ක් පාඩුවක් සිදු වූ බවත්, මාර්තු මාසයෙන් පසුව ගුවන් ගමන් ක්‍රමානුකූලව ජුනි මාසයේ සිට නැවත ආරම්භ කරමින් සිටින බව ගුවන් සමාගම පවසනවා.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන්. ඔන්ලයින්, අබුඩාබි නුවර)

RECOMMEND POSTS