පකිස්ථානයට මිලියන 200ක් වෙන් කරයි



එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය ඇමරිකානු ඩොලර් මිලියන දෙසීයක් පකිස්ථානයට ලබාදීම සඳහා වෙන් කර ඇති බව වාර්තා වේ.

පාකිස්තානයේ කුඩා හා මධ්‍ය පරිමාණ ආර්ථික ව්‍යාපෘති සඳහා ඩොලර් මිලියන 200ක මුදලක් වෙන් කරන ලෙස අබුඩාබි ඔටුන්න හිමි කුමරු සහ නියෝජ්‍ය ආරක්ෂක ප්‍රධානි, ෂෙයික් මොහොමඩ් බින් සෙයිඩ් අල්- නහියන් උපදෙස් ලබා දී ඇත.

ෂෙයික් මොහොමඩ් බින් සෙයීඩ් නිල සංචාරයක් සඳහා පාකිස්ථානයට පැමිණි ඇති අතර පාකිස්ථාන අගමැතිඉම්රාන් ඛාන්, නූර් ඛාන් ගුවන් හමුදා කඳවුරේදී කුමරුව පිළිගෙන අග්‍රාමාත්‍ය නිල නිවසටකැදවා ගෙන ගොස් ඇත.

දෙරටේ සහයෝගිතාවය වර්ධනය කරගන්නා ආකාරය පිළිබඳව නායකයින් දෙදෙනා සාකච්ඡා කර ඇති බව වාර්තා වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, අබුඩාබි නුවර)

RECOMMEND POSTS