නෞකාවකට හවුදි ගරිල්ලන්ගෙන් මිසයිල් ප්‍රහාරයක්



සාමාන්‍ය වැසියන් රැගෙන රතු මුහුදේ ගමන් කරමින් තිබු  එමිරේට්ස් රාජ්‍යට අයත්  නෞකාවකට හවුදි ගරිල්ලන් මිසයිල් ප්‍රහාරයක් එල්ල කර ඇති බව එක්සත් අරාබි ඒමිරේට්ස් රාජ්‍ය ප්‍රකාශ කළේය.

සාමාන්‍ය වැසියන්ට අමතරව ආධාර, තුවාල වු යේමන වැසියන් රැගෙන ගොස් ඇති බව වාර්තා වේ.

නෞකාව ප්‍රහාරයට ලක්ව අවස්ථාවේදි බාබ් අල්-මැන්ඩැබ් සමුද්‍ර සන්ධිය හරහා යාත්‍රා කරමින් තිබු බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කළේය.  

සෞදි රාජ්‍යයේ නායකත්වයෙන් යුත් සභාගයේ කොටස්කරුවකු වන එම්රේට්ස් රාජ්‍ය 2015 මාර්තු මාසයේ සිට යේමනියට එරෙහිව  නාවික සම්බාධක පැනවීමට කටයුතු කල අතර හවුදි ගරිල්ලන්ට විරුද්ධව සිදුවන සටන් වලට සහය දක්වයි. 

යේමනයේ පවතින ගැටුම් වලින් සාමාන්‍ය වැසියන් 3,800ක් මියගොස් ඇති අතර, පුද්ගලයින් 6,700ක් තුවාල ලබා ඇති අතර, මිලියන තුනකට ආසන්න පිරිසක් අවතැන් සිටින බව එත්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කළේය. 
 
 
ජානක ප්‍රියදර්ශන ජයතිලක
(බි.බි.සී පුවත් ඇසුරෙනි)

 


RECOMMEND POSTS