නෝර්වේ වෙළෙඳ සංගමය ඊශ්‍රායලය වර්ජනය කරයි



නෝර්වේ රාජ්‍යයේ ප්‍රධාන වෙළෙඳ සංගමය ඊශ්‍රායලය වර්ජනය කිරීමට තීරණය ගෙන ඇතැයි වාර්තා වෙයි. ඒ, ඊශ්‍රායලය දිගින් දිගටම පලස්තීනුවන්ට එරෙහිව සිදුකරන කෙණෙහෙළිකම්වලට විරෝධය දක්වමිනි.

නෝර්වේ ඒකාබද්ධ වෙළෙඳ සංගමය මේ අයුරින් ඊශ්‍රායලය වර්ජනය කළේ ඡන්ද විමසුමකින් පසුවය. එහිදී 197 ක් වර්ජනයට එකඟ වූ අතර ඊට විරෝධය දක්වා සිටියේ 117 ක් පමණක් යැයි ද වාර්තා වේ.

පලස්තීනුවන්ගේ මූලික අයිතීන් වෙනුවෙන් නෝර්වේ වෙළෙඳ සංගමය ගත් මෙම තීරණය බොහෝ දෙනාගේ පැසැසුමට හේතුවක් වී ඇතැයි ද වාර්තා වේ. කෙසේ නමුත් නෝර්වේ ඔස්ලෝ නුවර සිටින ඊශ්‍රායල තානාපතිවරයා මේ ගැන සිය අප්‍රසාදය පළ කර තිබේ.

(ප්‍රෙස් ටීවී)


RECOMMEND POSTS