නොමිලේම විවාහ වෙන්න පුළුවන්



ඕමානයේ විලායට් අල්-සීබ් නගරයේ විශාල මංගල උත්සවයක් නොවැම්බර් 23 දින පැවැත්වීමට ඕමාන් සමාජ සංවර්ධන කමිටුව පියවර ගෙන ඇති බව වාර්තා වේ.

මංගල උත්සවය සඳහා කිසිදු මුදලක් අය නොකරන බවත් ඕමාන් රියාල් 20,000-25,000ක මුදලක් මංගල උත්සවය සඳහා වැය වන බවට ඇස්තමේන්තු කර ඇති බවඕමාන් සමාජ සංවර්ධන කමිටුවේ සංවිධායක මණ්ඩලය ප්‍රකාශ කළේය.

මනමාලයා ඕමාන් පුරවැසියක් සහ අවිවාහක පුද්ගලයෙන් විය යුතු වන අතර එක් මනමාලයෙක්ට පුද්ගලයින් පනස් (50) දෙනෙක්ට ආරාධනා කළ හැකි බව වාර්තා වේ. 

මංගල උත්සවයට සහභාගිවීම සහතික කිරීම සඳහා ඕමාන් රියාල් 200ක මුදලක් ගෙවිය යුතු වන අතර මංගල උත්සවය අවසන් වීමෙන් පසු අදාල මුදල ආපසු ගෙවන බව වාර්තා වේ.

වැඩි විස්තර දැනගැනීම සඳහා 98852572 හෝ97655655 යන දුරකථන අංකයට ඇමතුමක් ලබාදෙන ලෙස සමාජ සංවර්ධන කමිටුව දන්වා ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS