නොතාරිස්වරියන් 12ක්



සෞදි කාන්තාවන් දෙළොස් දෙනෙක් නොතාරිස්වරියන් ලෙස පත් කිරීමට සෞදි අධිකරණ අමාත්‍යාංශය පියවර ගෙන ඇති බව වාර්තා වේ.

ඇටර්නි බලපත්‍ර නිකුත් කිරීම සහ අවලංගු කිරීම, දේපල අයිතිය මාරුකිරීම මෙන්ම සමාගම් පිහිටුවීම සම්බන්ධ ලියකියවිලි සහතික කිරීමේ බලය සෞදි නොතාරිස්වරියන්ට හිමි වේ.

රියදුරු බලපත්‍ර ලබාගැනීමට පනවා තිබු තහනම ඉවත් කිරීමෙන් පසු සෞදි කාන්තාවන් ලැබු තවත් ජයග්‍රහණයක් ලෙස මෙය හැඳින්විය හැක.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS