නේටෝවෙන් පොරොන්දුවක්




ලෝකය මුහුණ දෙන ආරක්ෂක අභියෝග හමුවේ තුර්කිය කැපී පෙනෙන මෙහෙවරක් සිදු කරන බවත්, තුර්කියට සැමවිටම සහාය ලබා දෙන බවත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය හෙවත් නේටෝව කියයි.

නේටෝ සංවිධානය වෙනුවෙන් මේ බව කියා සිටියේ, නේටෝ මහ ලේකම් ජනරාල් යෙන්ස් ස්ටොලෙන්බර්ග්ය.

නේටෝ මහ ලේකම්වරයා ඊයේ (16) තුර්කියේ අන්කාරා නුවරට පැමිණියේය. නේටෝ මහ ලේකම්වරයා සහ තුර්කි ජනාධිපති රිජෙයිප් තායිප් එර්දොවාන් අතරේ දීර්ඝ වශයෙන් සාකච්ඡා පැවැත්විණි.

තුර්කිය මේ වනවිට සිරියාවේ ඇෆ්රින් පළාතේ ක්‍රියාත්මක කුර්දි බෙදුම්වාදී ත්‍රස්තවාදීන් සමඟ සටන් ආරම්භ කර ඇත. ඒ සම්බන්ධයෙන් ද නේටෝ මහ ලේකම්වරයා සහ තුර්කි ජනාධිපති අතරේ සාකච්ඡා පැවැත්වුණු බව ද වාර්තා වේ.

තුර්කිය සිරියාවේ ඇෆ්රින් පළාතේ කුර්දි ත්‍රස්තවාදීන්ට එරෙහිව සටන් වදින්නේ සිරියානු රජයට සහාය පළ කිරීමක් ලෙස සිරියානු රජයේ පූර්ණ අනුමැතිය පරිදිය. ඇෆ්රින් සිරියාවේ පළාතක් වුවත් එහි බලය ඇත්තේ කුර්දිවරුන් අතරේය.

(රොයිටර්)


RECOMMEND POSTS