නෙදන්යාහු-ග්‍රාන්ට්ස් කරටකර සටනක



ඊශ්‍රායල මහ මැතිවරණයේ ප්‍රතිඵල අනුව අගමැති බෙන්ජමින් නෙදන්යාහු ප්‍රමුඛ‘ලිකුද්’ පක්ෂයට, ප්‍රතිවාදී අපේක්ෂක විශ්‍රාමික හමුදා ජනරාල් බෙනී ග්‍රෑන්ට්ස්ගේ ‘නිල් සහ සුදු’ සන්ධානයෙන් අභියෝගයක් එල්ල වී ඇතැයි වාර්තා වේ.

ග්‍රෑන්ට්ස්ගේ ‘නිල් සහ සුදු’සන්ධානය ආසන 32 ක් හෝ 34 ක් දිනා ගනු ඇති බවත් අගමැති නෙදන්යාහු සහ ඔහුගේ පක්ෂය ආසන 30 ක් හෝ 33 ක් හෝ ලබා ගනු ඇති බවත් අනුමාන කෙරේ.

ඒ අනුව, යළිත් වරක් රජයක් පිහිටුවීමේ දී, තෙවැනි බලවේගය බවට පත් වනු ඇත්තේ අවිග්දෝර් ලයිබර්මන්ගේ ‘ඉස්රායල්’ පක්ෂයයි. ඒ අනුව, ලයිබර්මන්ගේ පක්ෂය ‘රජුන් තනන්නා’ බවට පත් වනු ඇති බව ඊශ්‍රායල මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

මීට මාස පහකට පෙර ද ඊශ්‍රායලයේ මහ මැතිවරණයක් පැවැත්විණි. එම මැතිවරණයෙන් බහුතර බලයක් දිනා ගැනීමට නෙදන්යාහුගේ පක්ෂය අසමත් විය. සන්ධානගතව රජයක් පිහිටුවුවත් එය ද මාස කීපයකින් බිඳ වැටුණි. ඊයේ (17) යළි මහ මැතිවරණයක් පැවැත්වීමට කටයුතු යෙදුණේ ඒ අනුවය.

ටෙල් අවීව්හිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS