නුසුදුසු ශ්‍රමික නේවාසිකාගාර තුළින් ශ්‍රමිකයින් ඉවත් කිරීමට පියවර



 

කටාර්හි ගොවිපළවල් තුළ ස්ථාපිත කර තිබෙන වාසයට නුසුදුසු ශ්‍රමික නේවාසිකාගාර තුළින් සියලුම ශ්‍රමිකයින් ලබන ජුනි මාසයට පෙර ඉවත් කරන ලෙස කටාර් මහ නගර සභා සහ පරිසර අමාත්‍යංශය සියලුම සේවක සමාගම්වලට නිවේදනයක් නිකුත්කොට දන්වා ඇතැයි කටාර් ආරංචි මාර්ග පෙන්වා දෙයි.

දැනට නේවාසිකාගාර ඇති ස්ථානවල සියලු සේවක අවශ්‍යතා සපුරාලන අන්දමේ ප්‍රමිතියකින් යුතු නවාතැන් ගොඩනැගීම හෝ අලුත් නවාතැන් පහසුකම් සැපයීම හෝ එසේ නොවේ නම් වසීෆ් සහ බර්වා යන සමාගම් හරහා කුලී පදනම යටතේ සේවකයින්ට නේවාසික පහසුකම් ජූනි මාසය අවසන් වීමට පෙර ලබා දිය යුතුවන බව අමාත්‍යංශය වැඩිදුරටත් අවධාරණය කර තිබේ.

කම්කරුවන්ගේ නවාතැන් සදහා වෙන්කරවා ඇති ප්‍රදේශවල ගොවිපොළවල් නිර්මාණය කර තිබීම ඉහත ක්‍රියා මාර්ගය ගැනීමට මූලික වීශේෂත්වය  බව අමාත්‍යංශය පෙන්වා දෙයි. එමෙන්ම මෙම හේතුව සම්බන්ධයෙන් එරට රජය විසින් ගොවිපොළවල්වලට අනතුරු අඟවා ඇති බවද වාර්තා වේ.

 

විනීතා එම් ගමගේ


RECOMMEND POSTS