නීතිවිරෝධීව විදුලිය ලබාගත්තොත් බහරේන ඩිනාර් 1000 ක දඩයක්



නීතිවිරෝධී හෝ අයාථා ලෙසින් විදුලිය ලබාගන්නා පුද්ගලයන්ට දැන් බහරේන ඩිනාර් 1000 ක දඩයක් නියම කළ හැකිය. 


එසේම 1996 විදුලිබල සහ ජල නීතියට ගෙන ආ නව සංශෝදනවලට අනුව ඉහත වරද නැවත නැවතත් සිදුකරන පුද්ගලයන්ට බහරේන ඩිනාර් 2000 ක දඩයක් නියම වෙයි. මෙම සංශෝධන පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අද පැවැත් වීමට නියමිතව තිබුණි.

නීතිවිරෝධී විදුලි සැපයුම් නිසා ගිනි ගැනීම් කිහිපයක් වාර්තා වීමෙන් අනතුරුව විදුලිබලය සහ ජල කටයුතු අමාත්‍යාංශය සහ අභ්‍යන්තර අමාත්‍යාංශය විසින් නව සංශෝධන ඉදිරිපත් කර තිබේ. 

මේ අතර, 1999 කර්මාන්ත ප්‍රදේශ ස්ථාපනය සහ සංවිධානය පිළිබඳ පනතට රැගෙන ආ සංශෝදනද පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිත අතර මෙම සංශෝධන හරහා කර්මාන්තවලට සිය වැඩබිම් තුළ කම්කරු කඳවුරු සහ අනෙකුත් අවශ්‍ය කරන පහසුකම් පවත්වාගෙන යාමට බලය ලැබෙයි. එසේම සියලුම කර්මාන්ත ගොඩනැගිලි නීතියේ එන තාක්ෂණික පිළිවිතරයන් සපුරා ලිය යුතු අතර අදාළ බලධාරීන්ගෙන් අනුමැතියද ලබාගත යුතුය.


RECOMMEND POSTS