ලාංකිකයින් 13 දෙනෙකු සිරගෙට



නීතිවිරෝධී ලෙස ඊශ්‍රායලයට පැමිණි ලාංකිකයින් 13 දෙනෙකු එරට සිරගත කර ඇති අතර ඔවුන් සති දෙකක කාලයක් අයිතිවාසිකම් අහිමි කර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පසුගිය ඔක්තෝබර් මාසයේ ලංකාවේ සිදුවු දේශපාලන වෙනසින් පසු මෙම පුද්ගලයින් 13 දෙනාට මරණීය තර්ජන ඇති බව පවසමින් සංචාරක වීසා මත ඊශ්‍රායලය වෙත පලා ගොස් ඇති බවට අදාළ සැකකරුවන් සඳහන් කර තිබේ.

අදාළ පුද්ගලයින්ට බෙන්-ගුරියන් ගුවන්තොටුපලේ දී ප්‍රශ්න කිරීම සඳහා පරිවර්තකයෙකු නොමැතිවීම හේතුවෙන් ඔවුන් වෙනුවෙන් පෙනී සිටි එක් සාමාජිකයෙකු සමඟ 11 දෙනා සහ කාන්තාවන් දෙදෙනා ඊශ්‍රායලයේ රැඳවුම් ම්‍යස්ථානයක් වෙත ගෙන ගොස් ඇති බවට එරට පළවන ජෙරුසලම් පෝස්ට් පුවත්පත වාර්තා කර සිටී.

මේ අතර සතියක් පුරා අදාළ සැකරුවන්ගේ මූලික අයිතිවාසිකම් අහිමිකරමින් ඔවුන්ට දුරකථන ඇමතුම් ලබා ගැනීමට හෝ ඔවුන්ට ඇඳුම් මාරු කළ ගැනීමට පවා නොහැකි වූ බව අදාළ පුද්ගලයින් සඳහන් කර තිබේ.

මේ අතර ඔවුන්ට ඖෂධ ලබාගැනීමට අවසර නොලැබුණ අතර වකුගඩු රෝගය හා දියවැඩියාවෙන් පෙළෙන පුද්ගලයෙකු රෝග උත්සන්න වීම හේතුවෙන් වෛද්‍ය මධ්‍යස්ථානයක් වෙත ඇතුළත් කර ඇති බවට වාර්තා වෙයි.

අදාළ සැකකරුවන් සිරගත කිරීමට ගෙන යන අවස්ථාවේදී එක් පුද්ගලයෙක් විසින් ඊශ්‍රායලයේ වෙසෙන ශ්‍රී ලාංකිකයෙකු වෙත සිය ජංගම දුරකථනයෙන් පණිවුඩයක් ලබා දී ඇති අතර අදාළ පුද්ගලයා මෙම පුද්ගලයින් 13දෙනා නීතිඥයෙකු වෙත යොමු කර තිබේ.

පසුව අදාළ නීතිඥවරයා සමඟ පැවති සාකච්ඡාවලින් අනතුරුව, ඔවුන් එරට ආරක්ෂක අංශවෙත පවසතා ඇත්තේ පසුගිය ඔක්තෝබර් මාසයේ සිදුවු දේශපාලන වෙනසින් පසු මරණීය තර්ජන හේතුවෙන් ඊශ්‍රායලය වෙත පැමිණි බවයි.

අදාළ පුද්ගලයින් අත්අඩංගුවට ගත් අවස්ථාවේදී ඊශ්‍රායලය ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීක් වෙත පවසා ඇත්තේ රැකියාවක් ලබා ගැනීම පිණිස ඊශ්‍රායලට පැමිණි බවයි.

 

තිළිණි ද සිල්වා


RECOMMEND POSTS