නීතිවිරෝධී සංක්‍රමණිකයෝ කොටුවෙති



කොන්ක්‍රීට් මිශ්‍රණ සකස් කරන යන්ත්‍ර සහිත ට්‍රක් රථයක සැඟව නීති විරෝධී ලෙස සවුදි අරාබියට ඇතුල් වීමට තැත් කළ සංකමණිකයන් විසි දෙනෙක් සවුදි බලධාරින් විසින් අත් අඩංගුවට ගෙන ඇතැයි සවුදියේ පළවන අල් බයන් පුවත් පත කියයි.

ඒකාබද්ධ රේගු අධ්‍යක්ෂ  කාර්යාලය, වරාය රේගු දෙපාර්තමේන්තුව හා එක්ව කතාම් මිලාන් දේශ සීමාවේ දී මෙම පිරිස අත් අඩංගුවට ගෙන තිබේ.

දේශ සීමාවේ සවුදි පිවිසුමේ දී මෙකී ට්‍රක් රථය ජෛවමිතික උපකරණ යොදා ගෙන ස්කෑන් කළ අවස්ථාවේ එහි සැඟව සිටි පිරිස හෙළි වී තිබේ.

කතාන් මිලාන් දේශ සිමා රේගු මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ මොහමඞ් අල් රෂිඞ්, අල් බයන් පුවත්පතට පවසා ඇත්තේ මෙම නීති විරෝධී සංක්‍රමණිකයන් අතර ආසියානුවන් 21 ක් දෙනෙක් හා අප්‍රිකානු කතක් ද සිටි බවය.

ජීවිත අවදානමට ලක් කරමින් දේ සීමා තරණයට උත්සාහ කළ මෙම නිීති විරෝධී සංක්‍රමණිකයන් නීතිමය  පියවර ගැනීම සඳහා ආරක්ෂඛ අංශ වෙත යොමු කළ බව ද අල් රෂිඞ් මහතා පවසා ඇත.

විනීතා එම් ගමගේ  

 


RECOMMEND POSTS