නීති විරෝධි මසුන් ඇල්ලීමට එරෙහිව පියවර



ඕමාන බලධාරීන් නීති විරෝධි ආකාරයෙන් මසුන් ඇල්ලීම නතර කිරීමට සහ ඒ ආශ්‍රිතව සිදුවන ක්‍රියාකාරකම් ක්‍රමවත් ආකාරයෙන් සිදු කිරීම සඳහා දැඩි පියවර ගෙන ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය.

2015 වර්ෂය සමඟ සංසන්දනය කිරීමේදි නීති විරෝධි ආකාරයෙන් මසුන් මැරීමේ කටයුතු වල නිරතවන පුද්ගලයින්ගේ සංඛ්‍යාවේ විශාල වර්ධනයක් දක්නට ලැබීම නිසා ඕමාන් කෘෂිකර්ම හා ධීවර අමාත්‍යාංශය නීති විරෝධි ආකාරයෙන් මසුන් මැරීම වැලැක්වීමට සහ ඒ ආශ්‍රිතව සිදුවන ක්‍රියාකාරකම් ක්‍රමවත් ආකාරයෙන් සිදු කිරීම සඳහා නව නීතිරීති හඳුන්වාදීමට තීරණය කර ඇත. 

අමාත්‍යාංශය මඟින් පනවා ඇති නව නීතිරීන්වලට අනුව ක්‍රියාකරන ලෙස ධීවරයින්ගෙන්, නාවිකයින්ගෙන් සහ පුරවැසියන්ගෙන් ඉල්ලීමක් කළේය.

යම් නීති විරෝධි කටයුත්තක් සිදුවන්නේ නම් සමුද්‍ර ආරක්ෂණ මධ්‍යස්ථානය සතු  1999 සහ 24322999 යන දුරකථන අංකයන්ට දැණුම් දෙන ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කර ඇත.

වට්ස්ඇප් දුරකථන අංකය:91400430 සහ අමාත්‍යාංශයට අයත් ට්විටර් සමාජ ජාල ගිණුම හරහා ඍජුව දැණුම් දිය හැකි බව අමාත්‍යාංශය වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS