නි‍රෝධායනය කරන්නේ නෑ



එමිරේටය, ඊජිප්තුව සහ ලෙබනනය යන රටවලින් පැමිණෙන සංචාරකයන්ව නිරෝධායනය නොකරන බව ඕමාන් සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

චීනය, දකුණු කොරියාව, ජපානය, සිංගප්පූරුව සහ ඉරානය යන රටවල මෙන්ම කොරෝනා වෛරසය ඇති රටවල්වල සංචාරය කිරීමෙන් වළකින ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය ඕමාන ජනතාවගෙන් සහ ඕමානයේ සිටින විදේශ ශ්‍රමිකයන්ගෙන් ඉල්ලා සිටියි.

තොරතුරු දැනගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය දුරකථන අංකයක් (24441999) මාධ්‍යයට නිකුත් කර ඇත.

ඉහත සඳහන් කර ඇති රටවල්වලින් පැමිණෙන සංචාරකයන්ව දින 14ක කාලයක් නිරෝධායනය කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, මස්කට් නුවර)

RECOMMEND POSTS