නිළියකට වැරැද්දක් කරලා



එක්සත් අරාබි එමිරේට්ස් නිළියක් වන කෂූනාට අපහස වන ආකාරයෙන් ප්‍රකාශ පළ කළ සමාජ ජාල ක්‍රියාකාරකයෙක්ට විරුද්ධව නඩු පවරා ඇති බව වාර්තා වේ.

සෞදි රජය කාන්තාවන්ට මෝටර් රථ ධාවනය කිරීමට අවසර ලබාදීමේ සිද්ධියක් මුල් කරගනිමින් අපහස වන ආකාරයෙන් සමාජ ජාල වෙබ් අඩවිවල ප්‍රකාශ පළ කර ඇති බව තහවුරු වී ඇත.

එමිරේට්ස් ඩිරාම් 300,000ක දඩමුදලක් සහ සිදු වු අපහාසයට ඩිරාම් 21,000ක වන්දි මුදලක් නිළියට ගෙවන ලෙස එමිරේට්ස් අපරාධ අධිකරණය නියෝග කර ඇත.

භාවිතා කළ සමාජ ජාල ගිණුම මාස දෙකකට අත්හිටුවන ලෙසද අධිකරණය නියෝග කර ඇත.

එමිරේට්ස් සයිබර් නීතියට අනුව, අන්තර්ජාලය හරහා සිදුකරන අපහාස කිරීම්වලට වසර1සිට 3 දක්වා වු කාලසීමාවක සිර දඩුවමක් සහ එමිරේට්ස් ඩිරාම් 250,000 සිට මිලියනයක් දක්වා දඩමුදලක් නියම කළ හැක.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS