නිළියකට 100,000 දඩයක්



ස්නැප්චැට් සමාජ ජාල වෙබ් අඩවියේ වීඩියෝවක් පළ කර තමන්ගේ පෞද්ගලිකත්වයට හානි වන ආකාරයෙන් කටයුතු කිරීම හේතුවෙන් එක්සත් අරාබි එමිරේට් රාජ්‍යයේ ජීවත්වන නිළියක්ට ඩිරාම් 100,000ක් දඩයක් අධිකරණය නියම කර ඇති බව වාර්තා වේ.

වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදුකිරීම සඳහා ඇගේ ජංගම දුරකථනය අධිකරණය භාරයට ගෙන ඇති අතර දඩමුදලට අමතරව උසාවි ගාස්තුද ගෙවන ලෙස අධිකරණය නියෝග කර ඇත.

මිලියන 1.2කට වැඩි ස්නැප්චැට් පරිශීලකයන් පිරිසක් වීඩියෝව නරඹා ඇති බව වාර්තා වේ. 

 

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS