නිවුන් දරුවන් 3,000ක් එකතුවෙයි



ඕමානයේ ජීවත්වන නිවුන් (නිඹුල්) දරුවන් තුන්දහසකට වඩා වැඩි පිරිසක් එකට එකතු වන බව වාර්තා වේ.

ඕමාන නිවුන් දරුවන් සහ ඕමානයේ ජීවත් වන විදේශිය නිවුන් දරුවන් තුන්දහසකට වඩා වැඩි පිරිසක් දැනටමත් ලියාපදිංචි වී ඇති බව සංවිධායක කමිටුව පැවසීය.   

මීටර් 500ක් දුර පා ගමනක් සංවිධානය කර ඇති අතර නිවුන් දරුවන් ඕමාන ජාතික ඇඳුමෙන් සැරසී ජාතික ධජය රැගෙන පා ගමනට සහභාගි වෙයි. 

බාලදක්ෂ කණ්ඩායම් පාගමනට සහයෝගය දක්වන අතර “අපගේ නිවුන් දරුවන් අද්විතීයයි.’’ යනුවෙන් උත්සවයේ තේමාව නම් කර ඇත.

නොවැම්බර් 22 සහ 23 දිනයන්වල පැවැත්වෙන උත්සවය ඕමාන ව්‍යාපාරික සේවා මධ්‍යස්ථානය විසින් සංවිධානය කරනු ලබන අතර උත්සවය පැවැත්වෙන ස්ථානය ලබාගැනීමට ඕමාන් මෝටර් රථ සංගමය සමඟ සංවිධායක කමිටුව ගිවිසුමක්ද අත්සන් කර ඇත.

පැරණි මෝටර් රථ සංදර්ශන, ඕමාන් ජනප්‍රවාද සංගීතය,අශ්ව සංදර්ශන, නාට්‍ය, සෞඛ්‍ය වැඩසටහන්, ක්‍රීඩා ක්‍රියාකාරකම් සහ තවත් ක්‍රියාකාරකම් රාශියක් සංවිධායක කමිටුව සංවිධානය කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, මස්කට් නුවර)

RECOMMEND POSTS