නිවාස 7,200 කට අනුමැතිය



එමිරේට්ස් ජනතාවට අවශ්‍ය නිවාස 7,200ක් ඉදිරි වසර තුන ඇතුලත ඉදිකිරීමට අවශ්‍ය කැබිනට් අනුමැතිය ලැබුණු බව ඩුබායි පාලකයාට අයත් ට්විටර් ගිණුමේ පළ කර ඇති බව ඇරේබියන් බිස්නස් වෙබ් අඩවිය වාර්තා කළේය.

සියලු නවීන අංගෝපාංගයන්ගෙන් සමන්විත නිවාස ව්‍යාපෘතිය සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 1.9ක් (එමිරේට්ස් ඩිරාම් බිලියන 7ක්) වියදම් වන බව වාර්තා වේ.

එමිරේට්ස් ජනතාවගෙන් 80%ක් තමන්ගේම නිවාස වල පදිංචි වී සිටින බවත් රටක් අත්කර ගෙන ඇති ඉහළම ප්‍රතිශතයක් ලෙස වාර්තා වන බවත් ජනතාවට අවශ්‍ය පහසුකම් දිගටම ලබාදී තෘප්තිමත් ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කර දීමට කටයුතු කරන බව ඩුබායි පාලකයා සිය ට්විටර් ගිණුමේ සඳහන් කර ඇති බව වෙබ් අඩවිය වැඩිදුරටත් වාර්තා කළේය.  

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ඇරේබියන් බිස්නස් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS