නිවාස 34,000ක් ඉදිකරයි



එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ නිවාස 34,000ක් ඉදිකිරීමට සැළසුම් කර ඇති බව වාර්තා වේ.

අදාල ව්‍යාපෘතිය 2025 වසර අවසන් වනවිට නිම කිරීමට කටයුතු කරන අතර ඇස්තමේන්තු කර ඇති මුදල ඩිරාම් බිලියන 32කි.

එක්සත් අරාබි එමිරේට්ස් උප-ජනාධිපති, අග්‍රාමාත්‍ය හා ඩුබායි පාලක, ෂෙයික් මොහොමඞ් බින් රෂිඩ් නිවාස ව්‍යාපෘතියට අනුමැතිය ලබා දී ඇත.

රස් අල්-කයීමා නගරයේ ක්‍රියාත්මක වන නිවාස සහ මාර්ග ව්‍යාපෘති කීපයක් නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව නිවාස ව්‍යාපෘතිය පිළිබඳව ඩුබායි පාලකයා අදහස් පළ කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්, අබුඩාබි)


RECOMMEND POSTS