නිල ඇඳුමෙන් දුම් බී අමාරුවේ



කුවේට් හි අල්-ෆර්වානියා නගරයේ පිහිටා ඇති අවන්හලක් තුල නිළ ඇඳුමෙන් සැරසි දුම්පානයකරමින් සිටි පොලිස් නිලධාරියෙකුට දින 20ක සිර දඩුවමක් ලබා දී ඇති බව කුවේට් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය නිවේදනය කළ බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය.

පොලිස් නිලධාරියා තම ස්මාර්ට් දුරකථනයේ ඇති දෙයක් පරීක්ෂා කරමින් ඉතා සැහැල්ලු වෙන් දුම් පානය කරන ආකාරය අසල සිටි පුද්ගලයෙකු ඡායාරූප ගත කොට සමාජ ජාල වෙබ් අඩවි වලට එක්කර ඇති අතර සමාජ ජාල වෙබ් අඩවි තුල විශාල ප්‍රසිද්ධියක් ලැබී ඇති බව අල්-රායි පුවත්පත වාර්තා කළේය.

ඡායාරූපය සමාජ ජාල වෙබ් අඩවි වල පළ වී විනාඩියක් ගතවීමටත් පෙර අදාල ස්ථානය හඳුනාගෙන පොලිස් නිලධාරීයා අත්අඩංගුවට ගැනීමට පොලිස් විමර්ශන අංශ නිලධාරීන් සමත් වී ඇති බව අල්-රායි පුවත්පත වැඩිදුරටත් වාර්තා කළේය.

පොලිස් නීති සහ රෙගුලාසි උල්ලංඝනය වන ආකාරයෙන් විනය විරෝධිලෙස ක්‍රියා කරන ලද පොලිස් නිලධාරියාට දඩුවමක් ලෙස දින 20ක සිර දඩුවමක් ලබා දෙන ලෙස ආරක්ෂක කටයුතු පිළිබඳ නියෝජ්‍ය සහකාර ලේකම්, ලුතිනන් ජෙනරාල් ඒබ්‍රාහිම් අල්-තාරාහ් නියෝග කර ඇති බව වාර්තා වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS