නිරීක්ෂණ කණ්ඩායමක් යේමනයට



තම නිරීක්ෂණ කණ්ඩායමක් යේමනයේ හොදයිදා වරාය නගරයට යැවීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය සූදානමින් සිටින අතර, ඊට යේමන රජයේ පාර්ශ්වය පමණක් නොව, රජයට එරෙහිව සටන් වදින ෂියා මුස්ලිම් හවුති සටන්කාමීන් ද කැමැත්ත පළ කර තිබේ.

මෙම නිරීක්ෂණ කණ්ඩායම හොදයිදා බලා යන්නේ, යේමන රජය සහ සටන්කාමීන් අතර ආරම්භ වූ සටන් විරාමය නිසි ලෙස ක්‍රියාත්මක වෙනවාදැයි නිරීක්ෂණය සඳහාය.

යේමනයේ සටන් විරාමයක් ආරම්භ වී ඇති අතර, එය ආරම්භ වූයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මැදිහත්වීමෙනි. කෙසේ නමුත් සටන් විරාමය අතරතුරේ වුව ද හොදයිදා වරාය නගරයේ අවි ගැටුම් පැවැති බවට වාර්තා විය.

(අල් ජසීරා)


RECOMMEND POSTS