නියමු කුටියෙන් දුම් පිටවෙලා



සෞදි අරාබියේ පිහිටා ඇති ප්‍රින්ස් මොහොමඩ් බින් අබිදුල්-ආසිස් ගුවන් තොටුපලෙන්  ගුවන් මඟීන් 50ක් සහ කාර්ය මණ්ඩල නිලධාරීන් 10 දෙනෙකු රැගෙන ඊජිප්තුවේ කයිරේ නුවර බලා පිටත්ව ගිය ඊජිප්තු මඟී ගුවන් යානයක නියමු කුටියෙන් දුම් පිට වීම හේතුවෙන් නැවත එම ගුවන් තොටුපල වෙත ගොඩ බැස්ස වීමට ගුවන් නියමුවා කටයුතු කර ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය.

ගුවන් යානය ආරක්ෂිතව ගොඩ බැස්ස වීමට නියාමුවාට හැකි වු බවත් අදාල සිද්ධියෙන් කිසිවෙකුටත් අනතුරක් සිදු වී නොමැති බව සෞදි  සිවිල් ගුවන් සේවා අධිකාරිය සිය නිල ටුවිටර් සමාජ ජාල ගිණුමේ පළ කර තිබු බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වැඩිදුරටත් වාර්තා කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS