නිදහස ලබා ට‍්‍රම්ප් හමුවෙයි



වසර දෙකකට වැඩි කාලයක් තුර්කි අත්අඩංගුවේ සිටි ඇමෙරිකන් ජාතික පාදිලිවරයා ඇන්ඩෲ බ‍්‍රන්සන් නිදහස ලබා යළි ඇමෙරිකාවට පැමිණියේය.

ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප්ගේ ඇරැුයුම පරිදි බ‍්‍රන්සන් ධවල මන්දිරයට පැමිණි අතර, ට‍්‍රම්ප්ගෙන් ඔහුට උණුසුම් පිළිගැනීමක් ද හිමිවිය.

ඇන්ඩෲ බ‍්‍රන්සන් අත්අඩංගුවේ රඳවා ගැනීමට තුර්කි රජය කටයුතු කිරීම සම්බන්ධයෙන් ඇමෙරිකාව සහ තුර්කිය අතර දේශපාලනික අර්බුදයක් ද නිර්මාණය විය. තම පාදිලිවරයා වහා නිදහස් කරන ලෙස ඇමෙරිකා ජනාධිපති ට‍්‍රම්ප් අවස්ථා කිහිපයදී තුර්කි රජයට සහ තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන්ට බල කර සිටියේය.

තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන්ට එරෙහිව 2016 වසරේ සිදුවුණු අසාර්ථක හමුදා කුමන්ත‍්‍රණයට ඇන්ඩෲ බ‍්‍රන්සන් සම්බන්ධ බවට චෝදනා එල්ල විය. තුර්කි ආරක්ෂක අංශ ඔහු අත්අඩංගුවට ගත්තේ ඒ අනුවය.

ඇන්ඩෲ බ‍්‍රන්සන් තුර්කි අධිකරණයක් හමුවට යොමු කළ අවස්ථාවේදී, එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් ඔහු වරදකරු විය. අධිකරණය ඔහුට වසර තුනක සිර දඬුවමක් නියම කළේය.

කෙසේ නමුත් වසර 3 කට ආසන්න කාලයක් රැඳවුම් බාරයේ සිටි නිසාත්, යහපත් කල්කි‍්‍රයාව නිසාත් ඇන්ඩෲ බ‍්‍රන්සන් වහා නිදහස් කිරීමට පියවර ගත් බව වාර්තා වේ. ඉන්පසු ඇමෙරිකා නිලධාරීන් ද සමඟ ඇන්ඩෲ බ‍්‍රන්සන් ජර්මනිය බලා ගුවන් යානයකින් ගිය අතර, ජර්මනියේ සිට ඇමෙරිකාවේ වොෂින්ටයට පැමිණ ඇත්තේ විශේෂ හමුදා ගුවන් යානයකිනි.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS