නිකාබ් අඳින්නේ බලාගෙන



යුරෝපා සංගමයට අයත් රටවල්වල සංචාරය කිරිමේදි පනවා ඇති නීතිරීතීවලට අවනත වන ලෙස එමිරේට්ස් විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් එමිරේට්ස් කාන්තාවන්ට දැණුම් දී ඇත.

ඔස්ට්‍රියාව, බෙල්ජියම, ප්‍රංශය, ස්විට්සර්ලන්තය, ඕලන්තය, ජර්මනිය, ස්පාඤ්ඤය, ඉතාලිය සහ බල්ගේරියාව යන රටවල් මුහුණු ආවරණය වන පරිදි ඇඳුම් ඇඳීම (නිකාබ්) තහනම් කර ඇති නිසා පනවා ඇති නීතිරීතිවලට අවනත වන ලෙස අමාත්‍යාංශය ඉල්ලීමක් කර ඇත.

බොහෝ රටවල් මුස්ලිම් කාන්තාවන්ට හිජාබ් ඇඳුම ඇඳීමට අවසර ලබා දී ඇති බව අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

ඩෙන්මාර්ක් රාජ්‍යයද අගොස්තු 01 දින සිටි නිකාබ් ඇඳුම තහනම් කිරීමට කටයුතු කරන බව වාර්තා වේ.

යම් තොරතුරක් දැනගැනීමට අවශ්‍ය නම් www.mofa.gov.ae. වෙබ් අඩවියට පිවිසෙන ලෙස දැණුම් දී ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS