නැවෙන් පැනලා



සංචාරයකින් පසු බාසිලෝනා වරායට ආපසු පැමිණෙමින් තිබු අධි-සුභෝගබෝගී වර්ගයේ කෲස්නෞකාවකින් මුහුදට පැන වයස අවුරුදු 34ක සෞදි තරුණයෙක් සියදිවි හානි කරගෙන ඇති බව වාර්තා වේ.

නෞකාව ස්පාඤ්ඤයට අයත් මුහුදු සීමාවේ යාත්‍රා කරමින් තිබෙන අවස්ථාවේදි මුහුදට පැන ඇති අතර මුහුදට පැනීමට පෙර තරුණයා නෞකාව තුල කඳුළු සලමින් සිටි බව ඕමාර් සලමන් අවාඩ් අල්-මටිරි ප්‍රකාශ කළේය.

සෞදි තරුණයා රැකියාවට සම්බන්ධ වීමට පෙර ඇමරිකා එක්සත් ජනපදයේ අධ්‍යාපනය ලබා ඇති බව වාර්තා වේ.

තරුණයාට අයත් විදේශ ගමන් බලපත්‍රය, මුදල්පසුම්බිය, ජංගම දුරකථනය, වීසා කාඩ්පත් සහ
ලැප්ටොප් පරිගණකය නෞකාවේ තිබි ස්පාඤ්ඤආරක්ෂක අංශ සොයාගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් දැනටමත් ආරම්භ කර ඇති බව ස්පාඤ්ඤ ආරක්ෂක අංශ ප්‍රකාශ කළේය.

 

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS