නැති වු කත දින 56කට පසු හමුවෙයි



ඕමාන් කාන්තාවක් අතුරුදහන් වී දින 56කට පසු හමු වී ඇති බව වාර්තා වේ.

හමිදා බින්ට් හැමෝඩ් අල්-අම්රි නම් 57 හැවිරිදි ඕමාන් කාන්තාව නැවත හමු වනවිට මියගොස් සිටි බව ඕමාන් රාජකීය පොලිසිය ප්‍රකාශ කළේය.

අල් අම්රි ඔක්තෝම්බර් 3 වන දින සිට අතුරුදහන් වී ඇති බවට වාර්තා වී ඇති අතර, ඇය අවසන් වරට අල්-දකාලියා ආණ්ඩුකාර ප්‍රදේශයේ ඉස්කි නගරයේ කුර්ආන් පාසලකට ගොස් ආපසු පැමිණෙමින් සිටි බව සඳහන් වේ.

ඇගේ පවුලේ ඥාතීන්ට දේහය භාරදීමේ කටයුතු සිදු වෙමින් පවතින බව ඕමාන් රාජකීය පොලීසිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online - මස්කට් නුවර)

RECOMMEND POSTS