න්‍යෂ්ටික ගිවිසුමෙන් ඉවත් වෙයි



ඉරාන න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන්, ඇතිකරගත් ගිවිසුමෙන් ඇමෙරිකාව ඉවත් කර ගැනීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් කටයුතු කළේය.

ට්‍රම්ප් එම ගිවිසුමෙන් ඇමෙරිකාව ඉවත් කර ගත්තේ එම ගිවිසුම ‘විහිළුවක්’ බවත් එය නිසි පරිදි සංශෝධනය කළ යුතු බවත් පෙන්වා දෙමිනි.

ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් ඇමෙරිකාව, ප්‍රංශය, බ්‍රිතාන්‍යය, ජර්මනිය, රුසියාව සහ චීනය එක් වී ඉරානය සමඟ  මම පොදු එකඟතාව ඇති කර ගත්තේ, 2015 වසරේදීය. එම අවස්ථාවේ ඇමෙරිකාවේ ජනාධිපති ලෙස කටයුතු කළේ බැරැක් ඔබාමාය.

ට්‍රම්ප් ගත් තීරණය සම්බන්ධයෙන් තමන් දැඩි ලෙස කනගාටු වන බවත්, එම න්‍යෂ්ටික එකඟතාව සම්බන්ධයෙන් ට්‍රම්ප්ට කිසිදු අවබෝධයක් නැති බවත් ඇමෙරිකා හිටපු ජනපති ඔබාමා අදහස් දක්වමින් පවසා ඇත.

ඉරානය සමඟ න්‍යෂ්ටික ගිවිසුම ඇති කරගත් ප්‍රංශය, මහා බි්‍රතාන්‍යය, ජර්මනිය, රුසියාව සහ චීනය ට්‍රම්ප්ගේ තීරණය දැඩි ලෙස හෙළා දැක ඇත. ප්‍රංශය, මහා බි්‍රතාන්‍යය, ජර්මනිය ආදී යුරෝපා රටවල් මෙසේ ට්‍රම්ප්ට අප්‍රසාදය පළ කරද්දී, ඉරානයේ එදිරිවාදීන් වන ඊශ්‍රායලය සහ සෞදිය ඇතුළු ගල්ෆ් රටවල් ට්‍රම්ප්ට ප්‍රසංශා කළ බව ද වාර්තා වේ.

ඇමෙරිකාව ගිවිසුමෙන් ඉවත් වන්නේ නම්, ගිවිසුම අහෝසි වනු ඇතැයි ඉරානය අනතුරු අඟවා තිබුණි. ඇමෙරිකාව ඉවත් වීමෙන් සිදුවන සියලු අඩුපාඩු සපුරාලීමට තමන් පොරොන්දු වන බව එම අවස්ථාවේදී රුසියාව පැවැසීය.

ඒ අනුව, ඉරානය කියා සිටියේ ඇමෙරිකාව ඉවත් වුවත් න්‍යෂ්ටික වැඩසටහන මුල්කොටගත් ගිවිසුම අවසන් නොවනු ඇතැයි කියාය. ප්‍රංශය, බ්‍රිතාන්‍යය, ජර්මනිය, රුසියාව සහ චීනය තරයේ පවසා ඇත්තේ ඔවුන් ඉරානය සමඟ දිගටම එම ගිවිසුමේ රැඳී සිටින බවය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS