න්‍යෂ්ටික එකඟතාවට දිගටම සහාය ලැබෙනවා



ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ කැමැත්ත පරිදි, ඇමෙරිකාව ඉවත් වුණත්, ඉරානයේ මිතුරන් වන චීනය සහ රුසියාව තවදුරටත් 2015 දී ඇති කරගත් න්‍යෂ්ටික එකඟතාවට ගරු කරන බවත්, එම එකඟතාව දිගටම පවත්වා ගැනීමට ඔවුන්ගේ සහාය ලැබෙන බවත් ඉරානය පවසයි.

ඉරානය වෙනුවෙන් මේ බව කියා සිටියේ එරට විදේශ ඇමැති මොහොමද් ජවාද් සරීෆ්ය. ඉරාන විදේශ ඇමැතිවරයා මේ වන විට චීනයේ බීජීං නුවර සංචාරයකට පැමිණ සිටින බව ද වාර්තා වේ. ඒ, චීනය සමඟ පවතින සබඳතා තවත් ශක්තිමත් කර ගැනීමේ අරමුණ ඇතිවය.

(රොයිටර්ස්)


RECOMMEND POSTS