න්‍යෂ්ටික ඉන්ධන පළමු තොගය එමිරේටයට



අබුඩාබියේ බරකා නගරයේ අලුතින් ඉදිකරන ලද පළමු න්‍යෂ්ටික විදුලි බලාගාරයට විදුලි උත්පාදනය කිරීමට අවශ්‍ය පළමු ඉන්ධන තොගය පසුගියදා එම්රේට්ස් රාජ්‍යයට ලඟා වු බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය.

න්‍යෂ්ටික ඉන්ධන ප්‍රවාහනය, හැසිරවීම, ගබඩා කිරීම සඳහා න්‍යෂ්ටික කටයුතු නියාමනය සඳහා වු එක්සත් අරාබි එමිරේට්ස් ෆෙඩරල් අධිකාරිය මගින් අවශ්‍ය බලපත්‍ර බරක් න්‍යෂ්ටික බලාගාරයට ලබාදී ඇත.

පළමු සහ දෙවැනි න්‍යෂ්ටික බලාගාරවල මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට අනුමැතිය න්‍යෂ්ටික කටයුතු නියාමනය සඳහා වු එක්සත් අරාබි එමිරේට්ස් ෆෙඩරල් අධිකාරිය මගින් ලබා දෙන තුරු ඉන්ධන තොගය ඉතා ආරක්ෂිතව ගබඩා කර තිබීමට කටයුතු කර ඇති අතර න්‍යෂ්ටික බලාගාරය මඟින් අඩු කාබනික විදුලිය උත්පාදනය කරනු ලැබේ.

ගඩබා කරන ලද ඉන්ධන පරීක්ෂා කල අතර එම ඉන්ධන ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව පවතිවන බව න්‍යෂ්ටික කටයුතු නියාමනය සඳහා වු එක්සත් අරාබි එමිරේට්ස් ෆෙඩරල් අධිකාරියේ විධායක අධ්‍යක්ෂ, ආචාර්ය මොහොමඩ් ජෝවුකා ප්‍රකාශ කළේය.

ජාත්‍යන්තර පරමාණුක අධිකාරියේ න්‍යාෂ්ටික බලාගාර පරීක්ෂකවරු න්‍යෂ්ටික බලාගාරය පරීක්ෂා කර ජාත්‍යන්තර ප්‍රමිතින්ට අනුකූලව පවතින බවට සහතික කර ඇත.

බරකා න්‍යෂ්ටික බලාගාරයේ APR1400 නැමති ප්‍රතික්‍රියාකාරකයන් 4ක් ඉදිකරමින් ඇත.

න්‍යෂ්ටික බලාගාරයේ පළමු කොටස ඉදිකිරීම කොරියානු විදුලි බල සමාගම සමඟඑක්ව 2012 දී එමිරේට්ස් න්‍යෂ්ටිකබලශක්තිසංස්ථාව ආරම්භ කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජී.ඩී.එන්. ඔන්ලයින් ඇසුරිනි)


RECOMMEND POSTS